Saturday, November 18, 2017

22. ආදරණීය වොට්සන් - යකඩ බයිසිකලේ


ආදරණිය වොට්සන් වෙත ආදරයෙන් ,
-------------------------------------------




ඊයෙ කහ ඉරි කපල ඔයාගේ යකඩ අශ්වය එලවපු නිසා අද දඩ කොලේ ගෙවන්න පොලිසි යන්න වුනා එහෙනම් ඔයැයිටත්. දඩ කොළේ ගෙවද්දි “ මහත්තය කියන්න එපැයි හෝම්ස් මහත්තයගෙ කම්මලේ වැඩ කරන්නෙ “ කියල “ පොලිස් රාලහාමි කියද්දි “ නෑ ඉතින් ඒව කියල මොකට ද ,වැරැද්ද නම් වැරද්ද“ කියල ඔයා කීවා කියල මට ආරංචි වුනා. ඔයා ඉතින් එදා ඉදලම නීතියට නෙ වැඩ. හැබැයි ඔන්න අනිත් දවසෙ ගෙදර එන්න තියන හදිස්සියට කහ ඉරි කපන් , බවුසර් ඉස්සර කරන් එන්න ඕනි නෑ හොඳද. මාත් එක්ක යකඩ අශ්වය පිටින් යන වෙලාවට වගේ බොහොම පරිස්සමට එන්න. 
ඔයා දන්නව ද වොට්සන් , ඔයා කවුද කියල හොයන්න මගේ යාලුවො සමහර අය මෙහෙයුමක් දියත් කරල.සමහර විට ඒ පරීක්ෂණ කටයුත්තත් ඔයාටම ලැබෙන්න ඉඩ තියනවා.එයින් සමහර අය හිතන්නේ “වොට්සන් “ කියන්නේ මම මවා ගත්ත “මන:කල්පිතයක්“ කියල.තවත් සමහර අය හිතනවා “ ඒ පහේ පන්තියෙ විතර පොඩි ළමයෙක් “ කියලා. තරමක් දුරට එහෙම හිතන එක හරි කියල මට හිතෙන්නේ මහ ලොකු පරීක්ෂකයෙක් වුනත් ඔයා ගොඩක් වෙලාවට “බබෙක් “ වගේ නිසා.
තවත් සමහරු හිතනවා “ පහේ ළමයෙක් ගෙ තාත්ත “ කෙනෙක් කියලා. ඒ කොහොම වුනත් එයාලගෙ හිතේ “වොට්සන් “ ගැන තියන ඒ කුතුහලය , මට සතුටක් අරන් එනවා.
ඒත් ..........ඔයාගෙ ඇත්ත එළි වුනු දවසක , මට වෙන්නේ නිල් වලා ගඟට පයින්න තමා.
ඉතින් වොට්සන් , ඔයාට මම අරන් දුන්න අර පුංචි යකඩ බයිසිකලේට ඔයා ඔච්චරම කැමැති වෙයි කියල මම දැනන් උන්නෙ නෑ. හැබැයි ඉතින් ඒ යකඩ බයිසිකලේ දැකපු ගමන් මට මතක් වුනේ ඔයාව තමයි. 
ඔයාගේ ඔය “අයිසෙක් නිව්ටන් “ වගේ හිතන මොළයයි. බබෙක් වගේ හිතන “හදවතයි“ එකට එකක් ගැලපෙන්නෙ කොහොම ද කියල මට හිතාගන්නවත් බෑ. අනික් අතට , සැරින් සැරේ අහස වගේ වෙනස් වෙන හිතක් තියන මාත් එක්ක , ඔයා මෙච්චර කල් හිටිය එකත් මට හිතා ගන්න බෑ.
කොහොම වුනත් අද රෑ වෙන්න කලියෙන් ඔයා ගෙදර යන්න ඇති කියල හිතනවා. 
ආයෙමත් සඳුදට හමුවෙන කල් වෙනද වගේම මඟ බලා ඉන්න , හැමදාමත් ඔයාට ආදරේ 

මම
ඔයාගේ ම
මේරී

No comments:

Post a Comment