Sunday, October 7, 2018

සිසිරතරණයට පසු ව ලියමි

ආදරණීය වොට්සන් ,

මන් හිතන්නේ මන් ඔයාට මේ ලියන්නෙ සෑහෙන කාලෙකට පස්සෙ. ඔයයි මායි අතර තිබ්බ සීසිර තරණ කාලය වෙනදට වඩා ගොඩක් දිග වැඩි උනා කියලයි මට හිතෙන්නේ. දැන් ඉතින් ඔයා හිතන්න ඒපා වැස්ස පටන් ගත්ත නිසා මට ඔයාව මතක් උනා කියල. ඒහෙමම නෙමෙයි වොට්සන් , වැසි කාල ඉස්සරත් මට තිබුනා.බොහොම හුදකලා වැසි කාල කීයක් නම් මේ වෙද්දි මන් පසු කරල ඇද්ද. ඒ්ත් මේ වැසි කාලයේ දී ඔයාව මතක් වෙන්න ඇත්තේ වයසට යමින් සිටින මගේ ශරිරයට තව දුරටත් මේ වැහි ශිත දරා ගන්න බැරි නිසා වෙන්නැති . තරුණ කාලයෙ දි දැනෙන වැහි ශීත රොමැන්ටික බව ඇත්ත.ඒ්ත් මේ වයසට දැනෙන වැහි සීතල රොමැන්ටික් බවකින් ඒහාට ගියපු සෙනෙහසකින් පිරිලා.ඉතින් වොට්සන් ඔයාගේ රහස් පරීක්ෂක වැඩ කටයුතු හොඳින් කෙරී ගෙන යනව ඇති කියල මන් හිතනවා. අනික ඉතින් ඔයාටයි ඔයැයිගෙ මහ ලොකු හෝම්ස්ටයි අලුතින් රහස් පරීක්ෂක වැඩක් දැන් ඉන්න පත්තරකාරයෝ ඉතිරි කරල නෑනේ.කොටින්ම දැන් රිය අනතුරක් වෙන්නෙ කොහොමද කියල අලුත්ම මතයකුත් ඉදිරිපත් වෙලැයි තියෙන්නේ. කෝකටත් ඔයැයි හෝම්ස් මහත්මයටත් කියල දෙන්න ඒක්කම අලුත් රස්සාවක් හොයන් පටන් ගන්නෙක වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ. ඔයා මේ වෙද්දි හෝම්ස් මහත්තමය ඒක්ක ලාවට අඩියක් ගහනවා කියල මන් නොදන්නව නෙමෙයි. මේ ශීත වැහි කාලේ ඇඟ උණුසුම් වෙන්න ඒ් බ්‍රැන්ඩි වඩිය ඔයාට උදව් උනාට හිත උණුසුම් වෙන්න නම් රෑ දොගොඩ හරිය පහු වෙන්න කලින් යකඩ අශ්වයත් ඒක්ක පරිස්සමට ගෙදර එනකම් මඟ බලා ඉන් මන් ඔයාගෙම ,
මේරි

No comments:

Post a Comment