Monday, October 16, 2017

21. ආදරණිය මේරි - නාවට සමාවෙන්න

ආදරණීය මේරි, 


උඹ ඇවිත් ගියත් කලින්දා වගේම මට ඉස්පාසුවක් නැති උනා, කොළඹට එන්න. උඹ තරහ නෑ නේද? 
ඊටත් පහු ගිය ටිකේ අසනීපයි, කම්මලේ ඉවරයක් නැති වැඩයි හන්දා උඹට ලියන්නත් බැරිඋනා. 
අනික ඉතිං දෙතුං සැරයක්ම උඹ මාව පරීක්ෂා කරන්න තරහ වෙලත් හිටියනෙ නේද? ඒවට නං මං අහුවෙන්නෙ නෑ හොඳේ. උඹ කොයි තරං කේන්ති අරං කතා කරන්නෙ නැතුව හිටියත් මට නං තරහක් එන්නෙ නෑ. 
දැං ආයිත් ඇවිදින එක පටන් ගන්නෝද? අඩු වෙච්ච ගාන මදෑ බං. නරකද අර බලු දංඩ වත් ඔය ගමනට ගත්ත නං. නිකම්ම දුවන්න තිබ්බා ආයාසයක් නැතුවම. දැං ගෙදර කට්ටියත් වැඩි වෙලා, පාළුවක් නැතුව ඇති නේද? හැබැයි ඉස්සෙල්ල ආවෙ කණ කියලා ගෙදර අයට කියා දීපං. 
දැං උඹ ගෙදරට ළං වෙලාද? මං කිව්වනෙ අද ටීචර් ගෙදර යනෝ ට ලියුමක් තියෙයි කියලා. ඉතිං මේ උත්සාහය කොහොම හරි වෙලාවට යවන්න. 
අයියෝ මැණික, මේ මැෂින් කැඩෙන්නෙත් මගේ වෙලාවටනෙ බං. ඕං දැං ආවෙ මේසෙට තේකත් ඇල් වෙලා. උඹත් ගෙදර ඇවිත් ඇති, තරහටද කතා කරේ වත් නැත්තෙ? කොහොමත් එන්න හිතාගෙන ඉන්නෙ උඹෙ ඉස්කෝලෙට, දැං පාඨකයොත් ඉන්නවනෙ හම්බවෙන්න නේද? 
එහෙනං මං නවතින්නං පණ. කතා කරපං වෙලාව තියෙන කොට. පරිස්සමින් මැණික.

20. ආදරණිය වොට්සන් වෙත - කොළඹ ගමන



20. ආදරණීය වොට්සන් වෙත ආදරයෙන් ලියමි,
-------------------------------------------------
මහ වැස්සයි - තනි කුඩයයි


ඉතින් වොට්සන් , කලින් මම ඔයාට ලියපු ලිපියෙන් කරපු බොහොම ආදරණිය ඉල්ලීම ඉටු කරන්න ඔයාට බැරි උනාට මගේ හිතේ තරහක් නැහැ කියනෙක ඉස්සොරෝම කියන්න ඕනි. මිනිසුන්ට තියන දහසක් වැඩ රාජකාරි එක්ක , යුතුකම් වගකීම් එක්ක , ආදරයෙන් සැහැල්ලු වෙන්න වෙලාවක් හොයා ගන්නෙක බොහොම අපහසු වැඩක් කියල මම පිළිගන්නවා. මම වගේ තනිකඩ කෙනෙකුට ඇති තරම් කාලය තිබ්බත් , ඔබ වැනි කෙනෙකුට එහෙම නෑ කියල වටහා ගන්න මට පුළුවන්.

කොළඹ රවුමක් ගහන්න හිතන් හිටියට , හැම වෙලේම හැලුනු මද වැස්ස නිසා ත් , ඒ මද වැස්සෙ ඉහලන්න ගෙනාපු ලොකු කුඩේ යට තනියෙන් කරක් ගහන්න දැනුනු කුසීතබව නිසාත් වරුවක් ගෙවෙද්දි කොළඹින් මෙහාට පනින්න මට පුලුවන් වුනා. 

කොළඹ අතෑරල එද්දි හැමදාමත් වගේ හිතට ආපු දුක නම් නතර කර ගන්න විදිහක් තිබ්බෙ නැති නිසා තෙතමනය දැනෙන ඇස් පියාගෙන මහා කරච්චල් සිංදු ගොඩක් අස්සෙ සැප නින්දකට මුල පුරන්න මට බැරිකමක් තිබ්බෙ නෑ. ඒ ටිකට දැකපු දවල් හීන ගොඩේ ඔයා මාත් එක්ක කොළඹ වටේ රවුමක් ගහල ඉවර වෙද්දි , අධීවේගෙන් එළියට දාපු දෙනියාය බස් එක අකුරැස්සෙ බස් නැවතුමේ නතර කරල ,අර මහ ඝෝෂා සිංදුවට තාල අල්ලන ගෙරහැඩි කටහඩටත්වඩා හයියෙන් “බැහැ.............ගන්න.................“ කියන කණ ළඟින්ම ආපු සද්දෙන් ඇහැරුනු මම , ගමට කඩාන වැටෙන මුරුගසන් වැස්සෙම ගෙදරට එන පාර ට හැරුන....... 

මේ කිසි-බිසි ලෝකේ , මම වගේ නිසංසල ජීවිතයකට කොහොමත් වෙන්නේ “බැහැගන්න “ තමයි කියලා වැස්සට පෙගිච්චි මයෙ මොළේට නොදැනුනාම නෙමෙයි. 

එහෙනම් වොට්සන් , වගකීම් යුතුකම් වලින් පිරිච්චි ඔයාගේ ලෝකයටත් “ රාත්‍රිය සුබ වේවා “ 

මම 
ඔයාට හැමදාමත් ආදරේ කරන 
මේරි

Sunday, October 8, 2017

19.වොට්සන් ගේ තාර ප්‍රොජෙක්ට් එක




අද මඟක තොටක බැස්සොත් ටවුමෙ පේමන්ට් එක දෙපැත්තේම ප්ලාස්ටික් සෙල්ලම් බඩු පිරිලා.ඒ වගේම ඒවා මිලෙනුත් අඩුයි.ඒත් දැනට අවුරුදු ගාණකට කලින් වොටසන්ලට මේ විදිහෙ ප්ලාස්ටික් වාහනයක් හම්බෙන්නේ තාත්ත රාජකාරි වැඩ වලට කොළඹ ගිහින් එන එහෙමත් දවසක. 
ඉතින් , ඒ වෙද්දි වොට්සන් හිටියේ හයේ. වොට්සන්ගෙ අයියා හතේ. මේ දෙන්නට ගෙනත් දීලා තිබ්බ ප්ලාස්ටික් වාහන මේ දෙන්න පරිස්සම් කර ගත්තේ ඇහැක් වගේ.ඒ ප්ලාස්ටික් වර්ගයත් දැන් කාලේ ප්ලාස්ටික් වලට වලට වඩා හොඳ හයියයි.... 
වාහන තිබ්බට මෙයාලට තව ලොකු අඩුවක් තිබ්බා. ඒ තමයි ඒ වාහන යන්න පාරක් නැති එක. අන්න ඒ ගැටළුවට මෙයාල හොයා ගත්ත විසඳුම තමයි මේ සැරේ මම කියන්න යන්නේ.......
---------------------
මං හයේ විතර , අයිය හතේ.අපිට තිබුන ඒ කාලේ පුංචි කාර්, බස් ,ඒවා ගොඩක් පුංචි.අඟල් 1 1/2 ක් විතර වගේ පළල ,ප්ලාස්ටික්. තාත්තල කොළඹ ගිය වෙලාවක තමා ගෙනත් දුන්නේ.ඒවා නිකම් අද කාලේ ලැම්බෝගිනි වගේ අපට. මොකද අපේ පැත්තෙ එහෙම හයිය තියන පුංචි වාහන නෑ.ඉතින් මේ ටික දුවන්න අපි හැදුවා පුංචි Track එකක් මිදුලේ අඩි 5 X 5 විතර කෑල්ලක. 
කුඹුරෙන් කිරිමැටි ගෙනැල්ලා පාරවල් , හන්දි , රවුන්දබවුට් අපි ඒ වෙද්දි දැකල තිබුන සියළු දේම. ගිනි පෙට්ටි , ටූත්පේස්ට් පෙට්ටි තමා බිල්ඩින්.වැලමිටි වංගු, කඳු පල්ලම් , බස් හෝල්ට් , බස් ස්ටෑන්ඩ් , ඔක්කම තියනව එතන.හැබැයි වෙලාවකට නම් කළු පූසි පිස්සු නටල එතන ඔක්කම සුන්නද්දීලි කරල දානවා. ඒ වෙලාව නම් අයිය ඌට පාරවල් අමතක වෙන්න පාරක් දෙකක් දෙනවා. අයිය මන් වගේ නෙමෙයි.පූසන්ට වැඩි කැමැත්තක් නෑ.
දැන් කාලේ වගේ හයිවේ ඒ කාලේ තිබ්බ නම් අපි එතන හයිවේ එකත් හදන එක කාටවත් නවත්තන්න බෑ.
හැමදාමත් කිරිමැටි වලින්ම අලුත්වැඩියා වෙන මේ පාර සංවර්ධනය කර ගන්න අපට ඕනි උනා.කිරිමැටි අවුවට ඉරි තලනවා.නිතර නිතර අලුත්වැඩියා කරන්න සිද්ධ වෙනවා.අනික කිසි ලස්සනක් පිළිවලක් නෑ. සංවර්ධනයක් ඇත්තෙම නෑ. අලුත් වාහන ආවම කොහොම ද මේ පාරට දාන්නේ.
ආන්න ඒ කරුණු ඔක්කම නිසා දැන් අපේ ප්ලෑන එක පාරට තාර ටිකක් දා ගන්න.ඔන්න එතකොට ඒ කාලේ අපේ ගෙවල් ගාව පාරට තාර දාන්න ආවා PWD ( Publick Works Department ) එකෙන්.දැන් එයාල පාරට තාර දාගෙන යනවා.අද කාලේ වගේ නෙමෙයි.ටිකක් වෙලා ගත වෙන බාරදූර රාජකාරියක් ඒක. බලාන ඉන්න අයත් වැඩියි.ඉතින් මේ කට්ටිය ඔහොම තාර දාගෙන දාගෙන ආපේ ගෙවල් ඉස්සරහ පාරටත් ආවා.ඔන්න ඒ වෙලාවෙද තමා අපි එයාල ළඟට කිට්ටු කළේ.
අර පරණ තාලේ බොයිලේරුවක් දුම් දාගෙන වැඩ.ඒකට තාර බැරල් එකක් උඩින් කට කපලා තිබ්බම රස්නෙට ඒක ඇතුලට වැක්කෙරනවා. ඒකෙ ටැංකියක් වගේ පිටිපස්සෙන් ලොකු අඟුල් 2ක විතර ටැප් එකක් තියනෝ.ඒක ලොකු අඩුවකින් බදල ඇරියාම උණු තාර එකතු කරගන්න පුලුවන්.


අපිත් ඉතින් හොඳ වෙලාවක් බලලා. ලොකු ටින් එකක් එහෙම අරන් ගිහින් අඬලා දොඬලා පිංසෙන්ඩු වෙලා එතන හිටපු හොඳම කෙනාගෙන් තාර ටිකක් ඉල්ල ගත්තා.තව ටිකක් ලොකු ටින් එකක් අරන් ගියානම් හොඳයි කියල මට හිතුනෙ , එයාල අපි රන් ගියපු ටින් එක පිරෙන්න තාර දුන්නෙ නැති නිසා. ඒත් මෙහෙම හරි තාර ටිකක් ලැබුන නිසා අපි පුදුම සතුටකින් හිටියේ.හරියට ගමට පලවෙනි තාර පාර ලැබුන දවසෙ තරම් සතුටක් ඒක.
එදා ඉතින් ඊට එහා වෙන මුකුත් කරගන්න වෙලාවක් නැති වුන නිසා ලබන සෙනසුරාදා නිවාඩුව වෙනකම් මේ තාර ටික හොඳ පරිස්සම් ඇති තැනක හංගල තියන්න අපි කතිකා කර ගත්තා. සෙනසුරාදට පබ්ලික් වර්කස් ඩෙපාර්ට්මන්ට එකෙන් වගේ ඇවිත් අපිම අපේ පාරට තාර දාගන්නයි සැලසුම් කලේ.
ඔන්න ඉතින් ඒ ප්‍රීතිමත් සෙනසුරාදාව උදා වුනා.ටින්නෙක හංගපු තැන හොයාගෙන ගියා.
“මළ කෙලියයි .................“
ඒක ගල් වෙලා.දැන් කොහොමයි තාර දාන්නේ.අපට මතක් වුනා එදා පාරට තාර දැපු හැටි.අනික දැන් අපිත් පබ්ලික් වර්ක්ස් ඩිපාර්මන්ට එකේ සේවකයො වෙච්චි කොට එයාල අනුගමනය කරපු ක්‍රියාවලි අනුගමනය කරන එකේ කිසිම වරදක් නෑ. හැදුවා ලිපක්.ගල් තුනයි.ගෙනාව දර .දාලා පත්තු කලා ලිප.හැබැයි ලිප අපේ ටින් එකට හරියන්න ඇජෙස්ට් කර ගන්න කම් ලිපේ ගල් ටික නම් නිතර නිතර එහා මෙහා කරන්න වුනා. කොහොම හරි අන්තිමේ දී ඔන්න දැන් අපේ තාර ටින්නෙක ලිප උඩ ගොජ දානවා.
අපට මාර ජොලි.ටින් එකේ තාර ගොජ ගොජ ගානව සද්දෙන්.ඒ මදිවට උඩ පනිනවා.අපිටත් උඩ පනින්න නටන්න තරම් සතුටුයි. අපි ඉතින් ලිප වටේ දැම්ම වැදි ඩාන්සෙකක්. 
“ ගොජ....ගොජ ...ගොජ ගොජජජජජජජජ.........තාර පාර ..... වර “
ඔහෙම රවුම් දෙක තුනයි යන්න වුනේ. නැටුමෙ රිද්මය නැගල යද්දි , ගිනි සැරය ඇඟට පුරුදු වෙද්දි , මම ගියපු රවුමෙ පරිදිය අඩුවෙමින් තිබුනා
පෑගුනා දර කොටයක්.............
බලය සම්ප්‍රේශණය වුනා දර කෑල්ල දිගේ ටින්නෙකට. වැදුන දර කෑල්ල ටින්එකේ.
පෙරලුනා ................................ ඔවු.... ගොජ දමමින් තිබ්බ අර ලස්සන කළු මහත තාර ටින්නෙක පෙරලුනා.
තාර හතර අතේ.........
නැවතුනා නැටුම.....මගෙ කටත් ඇරිලා........... අයිය කකුල අල්ලන් පහත් වෙලා..........අයියගෙ කකුලෙ තාර බින්දු තැන තැන විසිරිලා.
මට ඉඹේම මගෙ කකුල් දිහා බැලුනා. මගේ නම් යන්තම් තාර පැල්ලම් දෙකයි තිබ්බෙ.
අපේ සද්දෙ නතර වෙච්චි නිසා කුස්සියෙ හිටිය අම්ම දැන ගත්තා “ නස්පැත්තියක සද්දෙ තමයි ඒ කියලා“
මොකද කියනවා නම් , නිතර සද්ද බද්ද පිරිලා තියන ගෙදරට වඩා නිහඬ බවේ උන්හිටි ගමන් ගිලුනා කියන්නේ ඒක තමා “නස්පැත්තියක මූලික සලකුණ “
කණ කඩලා අතට ගත්ත ද කියල බලන්න මට කණ දෙපාරක්ම අල්ලල බලන්න සිද්ධ වුනා.
අපේ පාරට තාර නම් නැති වුනා....ඒත් ඒ පාර හැමදාමත් අපි නාන්න ගියාම ගේන කිරි මැටි වලින් අපට මතක ඇති කාලයක් වෙනකම්ම අලුත් වැඩියා වුනා............
ඔන්න එහොමයි වොට්සන්ගෙ තාර ප්‍රොජෙක්ට්ටෙක සාර්ථකත්වය පෙනි පෙනී අසාර්ථක වුනේ.