20. ආදරණීය වොට්සන් වෙත ආදරයෙන් ලියමි,
-------------------------------------------------
මහ වැස්සයි - තනි කුඩයයි
ඉතින් වොට්සන් , කලින් මම ඔයාට ලියපු ලිපියෙන් කරපු බොහොම ආදරණිය ඉල්ලීම ඉටු කරන්න ඔයාට බැරි උනාට මගේ හිතේ තරහක් නැහැ කියනෙක ඉස්සොරෝම කියන්න ඕනි. මිනිසුන්ට තියන දහසක් වැඩ රාජකාරි එක්ක , යුතුකම් වගකීම් එක්ක , ආදරයෙන් සැහැල්ලු වෙන්න වෙලාවක් හොයා ගන්නෙක බොහොම අපහසු වැඩක් කියල මම පිළිගන්නවා. මම වගේ තනිකඩ කෙනෙකුට ඇති තරම් කාලය තිබ්බත් , ඔබ වැනි කෙනෙකුට එහෙම නෑ කියල වටහා ගන්න මට පුළුවන්.
කොළඹ රවුමක් ගහන්න හිතන් හිටියට , හැම වෙලේම හැලුනු මද වැස්ස නිසා ත් , ඒ මද වැස්සෙ ඉහලන්න ගෙනාපු ලොකු කුඩේ යට තනියෙන් කරක් ගහන්න දැනුනු කුසීතබව නිසාත් වරුවක් ගෙවෙද්දි කොළඹින් මෙහාට පනින්න මට පුලුවන් වුනා.
කොළඹ අතෑරල එද්දි හැමදාමත් වගේ හිතට ආපු දුක නම් නතර කර ගන්න විදිහක් තිබ්බෙ නැති නිසා තෙතමනය දැනෙන ඇස් පියාගෙන මහා කරච්චල් සිංදු ගොඩක් අස්සෙ සැප නින්දකට මුල පුරන්න මට බැරිකමක් තිබ්බෙ නෑ. ඒ ටිකට දැකපු දවල් හීන ගොඩේ ඔයා මාත් එක්ක කොළඹ වටේ රවුමක් ගහල ඉවර වෙද්දි , අධීවේගෙන් එළියට දාපු දෙනියාය බස් එක අකුරැස්සෙ බස් නැවතුමේ නතර කරල ,අර මහ ඝෝෂා සිංදුවට තාල අල්ලන ගෙරහැඩි කටහඩටත්වඩා හයියෙන් “බැහැ.............ගන්න.................“ කියන කණ ළඟින්ම ආපු සද්දෙන් ඇහැරුනු මම , ගමට කඩාන වැටෙන මුරුගසන් වැස්සෙම ගෙදරට එන පාර ට හැරුන.......
මේ කිසි-බිසි ලෝකේ , මම වගේ නිසංසල ජීවිතයකට කොහොමත් වෙන්නේ “බැහැගන්න “ තමයි කියලා වැස්සට පෙගිච්චි මයෙ මොළේට නොදැනුනාම නෙමෙයි.
එහෙනම් වොට්සන් , වගකීම් යුතුකම් වලින් පිරිච්චි ඔයාගේ ලෝකයටත් “ රාත්‍රිය සුබ වේවා “
මම
ඔයාට හැමදාමත් ආදරේ කරන
මේරි
No comments:
Post a Comment