Tuesday, August 22, 2017

14.ආදරණීය වොට්සන් - ඇවිදීම


ඉතින් වොට්සන් , ඔයා ගමේ ගිහින් නිසා මට පාළුයි. ඒ උනාට මේ ඇවිදින වැඩේ දැන් නැගලම යනෝ.
පළවෙනි දවෙස මට වෙච්චි ඇබැද්දි නිසා අද මම තෝරා ගත්තේ මාව වැඩිය අඳුරන්නෙ නැති අය ඉන්න පාරක්. ටාගට් එක වුනේ කි.මි පහක් විතරයි. දෙයියනේ කියල ඇවිදන් යද්දි පින්තූර ගන්න තැන් දෙකක නතර වුනා.
ඒ මදිවට ටවුම කිට්ටු කරද්දි “නෙළුම් මලේ “ රැස්වීමකට ආපු සෙනඟකට මැදි වුනා.ඒ සෙනඟ දැක්කාම නම් සතුටක් දැනුන.ඒ මොකද කියනව නම් ඊයේ රැස්වීමට හිටි සෙනඟට වඩා සෙනඟක්.ඒ කියන්නේ , දේශපාලන රැස්වීම් ගැන උනන්දුවක් දක්වන අයත් ඉන්නවා කියල. නැතිව මේ මම නෙළුම් මලට කැමති කියනෙක හෙම නෙමෙයි හරිය.

ඉතින් වොට්සන්... ඇවිදීමේ වැඩේ දී පළවෙනි කි.මීටරය හොඳ වේගෙකින් ගියා. දෙවෙනි කිලෝ මීටරය අන්තිම හරියෙ වෙද්දි දාඩිය දාන්න පටන් ගත්තා. තුන්වෙනි කිලෝමීටරය සතුටින් ඇවිද්දත් හතර සහ පස්වෙනි කිලෝමීටර් වල දි වේගය අඩු වුනා.කකුල් දෙකේම දිය පට්ට මතු වෙන්න ගත්තා.ඒ උනාට මම නොසැලී ඉදිරියටම ගියා. 
ඒක නෙමේ වොට්සන් , මම පාවිච්චි කරපු ඇප් එකේ “පාර “ විදිහට පෙන්නුවේ නම් මම ඇවිදපු පාරට සමාන්තව තිබ්බ වෙනත් පාරක්. ඒ ඇයි ? ඔයා දන්නවැයි ඒකට හේතුව.අනේ මට නම් තේරෙන්නෑ. ඒත් ඉතින් කිලෝ මීටර් ගාන වත් හරි ඇති කියල හිත හදා ගත්තා.....
ඔක්කොමත් හරි කියමු කෝ. මේ ඇවිදිල්ලෙ වැඩේ නිසා ගෙදර එද්දි හැන්දෑ වෙලා තිබ්බා. මම ගෙදර එනකම් ගේ දොරකඩ මඟ බලා හිටපු අපෙ නංගි ගෙ කොලු පැටියා.මාව දැක්ක ගමන් සතුටින් පිළිගත්තේ ඒ වෙනකම් අත පිටිපස්සට කරල හංගන් හිටපු “එළවළු රොටිය “ මා දිහාට දික්කරන ගමන්.
“ ඔයා එනකම් මම බලන් හිටියේ.............මේක ඔයාට ආහ් කන්න ඉතින් “කොල්ලගේ හිත රිදවන්න බැරි කමට තෙල් තැවරුම තාමත් බේරෙන එළවලු රොටිය අතට ගත්ත මට කොල්ල ගැන සතුටකුත් මා ගැන දුකකුත් දැනුනා.
ඉතින් වොට්සන් සඳුද ඉක්මනට උදා වෙන්න කියලා පතමින් නවතින මම,
ඔබට හැමදාමත් ආදරය කරන
මේරී

ප:ලි - බය වෙන්නෙපා කොල්ලගෙ හිත රිවන්න බැරිකමට ගත්ත එළවලු රොටිය. කාටත් හොරෙන් ..................මම කෑවද ? නෑ නෑ.... කුණු බාස්කට් එකේ යටටම දැම්මා.............ඔය තියෙන්නෙ මඟ දි අල්ලපු පින්තූර දෙකෙන් එකක්....හොඳම කෝණෙ හොය හොය කාලෙ නාස්ති කරන්න වෙලාවක් නැති නිසා. ෆෝන් එක අල්ලපු ගමන් ක්ලික් කරන් ආවා...

No comments:

Post a Comment