Monday, October 16, 2017

21. ආදරණිය මේරි - නාවට සමාවෙන්න

ආදරණීය මේරි, 


උඹ ඇවිත් ගියත් කලින්දා වගේම මට ඉස්පාසුවක් නැති උනා, කොළඹට එන්න. උඹ තරහ නෑ නේද? 
ඊටත් පහු ගිය ටිකේ අසනීපයි, කම්මලේ ඉවරයක් නැති වැඩයි හන්දා උඹට ලියන්නත් බැරිඋනා. 
අනික ඉතිං දෙතුං සැරයක්ම උඹ මාව පරීක්ෂා කරන්න තරහ වෙලත් හිටියනෙ නේද? ඒවට නං මං අහුවෙන්නෙ නෑ හොඳේ. උඹ කොයි තරං කේන්ති අරං කතා කරන්නෙ නැතුව හිටියත් මට නං තරහක් එන්නෙ නෑ. 
දැං ආයිත් ඇවිදින එක පටන් ගන්නෝද? අඩු වෙච්ච ගාන මදෑ බං. නරකද අර බලු දංඩ වත් ඔය ගමනට ගත්ත නං. නිකම්ම දුවන්න තිබ්බා ආයාසයක් නැතුවම. දැං ගෙදර කට්ටියත් වැඩි වෙලා, පාළුවක් නැතුව ඇති නේද? හැබැයි ඉස්සෙල්ල ආවෙ කණ කියලා ගෙදර අයට කියා දීපං. 
දැං උඹ ගෙදරට ළං වෙලාද? මං කිව්වනෙ අද ටීචර් ගෙදර යනෝ ට ලියුමක් තියෙයි කියලා. ඉතිං මේ උත්සාහය කොහොම හරි වෙලාවට යවන්න. 
අයියෝ මැණික, මේ මැෂින් කැඩෙන්නෙත් මගේ වෙලාවටනෙ බං. ඕං දැං ආවෙ මේසෙට තේකත් ඇල් වෙලා. උඹත් ගෙදර ඇවිත් ඇති, තරහටද කතා කරේ වත් නැත්තෙ? කොහොමත් එන්න හිතාගෙන ඉන්නෙ උඹෙ ඉස්කෝලෙට, දැං පාඨකයොත් ඉන්නවනෙ හම්බවෙන්න නේද? 
එහෙනං මං නවතින්නං පණ. කතා කරපං වෙලාව තියෙන කොට. පරිස්සමින් මැණික.

1 comment:

  1. ඔයා මේ දාල තියන බ්ලොගර් අලුතින් දුන්න ටෙමපලේට් එක වාගේ අනිත් ඒවත් කියවන අයට පහසුවක් සලස්වන්නේ නැ , පරන පොස්ට් හොයාගන කියවන්නත් බැ , කියවන අයට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් , පරණ සිම්පල් ටෙම්පලේට් එකක් බ්ලොග් එකට දාල , ඔල්ඩ් පොස්ට් ගැජට් එක , සහ බ්ලොගර් ලෛා්වරය බ්ලොග් එකට දාන්න , මේ ගූගල් කමෙන්ට් බොක්ස් එක නෙමෙයි , බ්ලොගර් කමෙන්ට් බොක්ස් එක දාන්න.

    ReplyDelete