ආදරණීය මේරි,
උඔ අදත් විභාග වැඩට ගියා නේද. ඉතිං අද දෙන්නම බිසී. ඒක හොඳයි. නැත්තං පාළු දැනෙනවානෙ.
ඉතිං මේරි අළුතිං මොකුත් ලියන්නෙ නැද්ද බං. ටිකක් උදාසීන වෙලාද. අළුත් දෙයක් කරමු, පින්තූර කතාවක්? නැත්තං නිවාඩුව නිකංම ගෙවිල යයි දඩෝරියත් එක්ක.
අනේ මගෙ එළුවත් ආවනෙ උඹේ පිටින් අන්තර්ජාලෙට. ඒත් ඉතිං ස්තූති කරන්නවත් ඌ නෑනෙ අද. තව කතන්දර මතක් වෙන විදියට එවන්නං. අඩු ගානෙ මතකෙ අළුත් වෙන්න වත්.අර මං බිල්ඩිමේ දිග පලළ මැනපු හැටි ගැන ලියන්න බැරිවෙයි නේද? ඒකත් හොඳ මතකයක් තමා.
එතකොට මහ මෙරක් වගේ නැතිව අපිට සරලව ඉන්න පුළුවන්.මට නං ඔය අතීතය සුන්දර මතක පොතක් විතරයි. ඕක කර තියාගෙන හිත හිතා ඉන්නෙ නං නෑ. අනාගතේ ගැනත් මහ දේවල් ඔළුවෙ නෑ. හොඳම දේ වර්තමානෙ ජීවත් වෙන එක.
උඹට කේන්ති ගියාද පූසි මගේ මූණ ඉඹිනවා දැකලා? ඒත් ඉතිං මොනා කරන්නද. ඌට සිංහල තේරෙන එකක්ය. ඇමරිකාවෙන් ආවට ඉංග්‍රීසිත් බෑ බං. අපි වගේම තමා.
උඹ කොළඹ එන්නෙ කවදද මැණික? හම්බවෙන්ඩ පුළුවන් වෙයිද දන්නෙ නෑ සතියෙ මැදක් උනෝතිං. එහෙම උනොත් කේන්ති ගන්න එපා. මේ පරීක්ෂණ වැඩ ආය ටිකක් ගොඩ ගැහෙනවා, ඉතිං එක පාර නිවාඩු ගන්න අමාරුයි හෝම්ස් මහත්තයාගෙන්. වැඩ අහක වෙලා කතා කරහං. මං ඉන්නවා එතෙක්.
පරිස්සමින් පණ.
මේ ඔයාගේ
වොට්සන්
වොට්සන්
Your immaginations are very creative
ReplyDelete