අද උඹ විභාග වැඩ වලට යන හන්ද පාළු දැනෙයි. ඒත් සඳුද ආයෙත් මුණගැහෙයිනෙ.
මේ අන්තර්ජාලෙ හින්ද උඹයි මායි නිකං බොරුවට හිත් රිදෝගන්නව කියල මට හිතෙන්නෙ. ඉතිං මින් පස්සෙ ඒව උඹම කරපං,මං පැත්තකිං බලන් ඉන්නං. අනේ අර දෝසි දැක්කම නං ලෝබයි. ඒත් උඹ ආයෙත් එනකොට ගේන්නං කිව්වනෙ මං බලන් ඉන්නවා එතෙක්.
දෙනියාය පැත්තට එන්ඩ නං ආසයි. මං ඉතිං සෑහෙන දුරක් ගෙවාගෙන එන්ඩ එපාය. අහසින් යන්ඩ පුළුවං කමක් තිබ්බනං උඹවත් අරං යන්න තිබ්බ සුපර්මෑන් වගෙ.
අනේ අහම්බෙන් හරි උඹට කතාකරන්න ලැබීම සතුටක්. කිසිම බාධාවක් නැතිව, නිදහසේ ඊටත් උදෙන්ම. හරිම අපූරු හැඟීමක් ඒක.
අනේ උඹ බස් එකේ යනකොට නං කොටන්න එපා ළඟ ඉන්න උං මේ ටීචට ඔල්මාදෙ කියල හිතයි. මං ඉතිං තරා නෑ උත්තර පරක්කු උනාට. ඒකත් එක්ක වට පිටාව බලාගෙන පලයං. පින්තූර කතාවකට මොනා හරි එකතු කර ගන්න පුළුවං වෙයි.
උඹේ තීන්ත පෑන ගැන මට කිව්වෙ නෑනෙ. මං පහේ පංතියෙ ඉඳන් තාම ලියන්නෙ තීන්ත පෑනෙං.බැංකුවෙදි තමා වෙන ඒව ගන්ඩ වෙන්නෙ. කළු පාට විතරයි.
ඔය අතින් ලියපු ලියුම උඹ එව්වද? තාම නං ලැබුනෙ නෑ. එහෙම නැත්තං ස්කෑන් කරල දාපං.
ඉතිං මේරි මං නවතින්නං.
පරිස්සමින් පණ. රණ්ඩු නොවී ඉම්මු.
මං
වොට්සන්
No comments:
Post a Comment